බෙලිගම ගොවිපළ

මාතලේ දිස්ත්‍රික්කය

ක්ෂණික තොරතුරු

  • පළාත:මධ්‍යම පළාත
  • දිස්ත්‍රික්කය :මාතලේ
  • කොළඹට ඇති දුර : 134 km

ඇමතුම් තොරතුරු

තැපැල්, දුරකථන හෝ ෆැක්ස් මගින් අප හා සම්බන්ධ වීමට හැකි අතර අපගේ ආයතනය විවෘත වේලාවන් වනුයේ සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා වේ.

  • ලිපිනයබෙලිගම ගොවිපළ, ගලේවෙල

  • දුරකථන අංකය:+94 773 782 136

  • ෆැක්ස්:+94 665 678 295

  • විද්‍යුත් ලිපිනය: nldbbeligama@gmail.com

  • වෙබ් අඩවිය: www.nldb.gov.lk

බෙලිගම ගොවිපල

අයිට්කෙන් ස්පෙන්ස් සහ සමාගම විසින් කළමනාකරණය කරන ලද බෙලිගම ගොවිපල පසුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත පවරා දෙන ලදී. 1975 දී මෙම ගොවිපල ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වෙත පවරා දෙන ලදී.

පස සහ දේශගුණය

මෙම කලාපයේ පස සාමාන්‍යයෙන් රතු කහ පොඩ්සොලික් වර්ගයට අයත් වන අතර පාංශු ප්‍රතික්‍රියාවන් සාමාන්‍යයෙන් මධ්‍යස්ථ ප්‍රමාණයේ සිට උපරිම ආම්ලික වන අතර වර්ෂාපතනය වැඩි වීමත් සමඟ පසෙහි ආම්ලිකතාවය වැඩි වීමේ ප්‍රවණතාවක් ඇත. කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය සහ නයිට්‍රජන් ප්‍රමාණය මධ්‍යස්ථ වේ. පොස්පරස් සහ පොටෑසියම් ප්‍රමාණය සාමාන්‍යයෙන් අඩු වේ. මව් පාෂාණ සහිත ප්‍රදේශ පොටෑෂ් ෆෙල්ඩ්ස්පාර් වලින් පොහොසත් වන අතර පොටසියම් සාමාන්‍ය ප්‍රමාණයෙන් ඇත. මෙම පසෙහි කැල්සියම් සහ මැග්නීසියම් සැපයුම තරමක් අඩු නමුත් මෙය රබර් වැනි බෝග සදහා බරපතල ලෙස බලපාන්නේ නැත. ඇතැම් පළතුරු බෝග සහ එළවළු සඳහා මෙම මූලද්‍රව්‍ය යෙදීම අවශ්‍යා වේ. මෙම පසෙහි ඇති කැටායන හුවමාරු ධාරිතාව හේතුවෙන් අධික වර්ෂාපතන තත්ත්වයක් යටතේ වුවද ඉතා හොදින් රසායනික පොහොර රදවා ගැනීමේ හැකියාවක් ඇත. පසේ ගැඹුරෙහි පාංශු වයනය සහ ජලාවහනය ඉතා හොඳය.

ගොවිපල කළමනාකරණය

  • සහකාර සාමාන්‍යාධිකාරී:ඩී.බී.ඩබ්ලිව්. ධර්මරත්න
  • දුරකථන අංකය: +94773782149
  • සහකාර ගොවිපල කළමනාකරු: එම්.ඩබ්ලිව්.එස්. චාමර
  • දුරකථන අංකය: +94710694024